අද (03) පස්වරුවේ නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව අද (03) පස්වරු 05.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි.
එමෙන්ම එම අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා සියලුම අමාත්‍යවරුන්ට සහභාගී වන ලෙස මේ වන විට දැනුම් දී ඇත.
2021 වසරේ අවසාන අමාත්‍ය මණ්ඩල රැස්වීම නොතිබු බැවින් අද (03) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කැබිනට් පත්‍රිකා රැසක් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.