අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022 නව වසරේ අප්‍රේල් මස සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනීම් කටයුතු ආරම්භ කෙරෙන බව ප්‍රකාශ කරයි.
පාසල් ආරම්භය මෙන්ම විභාග පැවැත්වීම පිළිබඳව ද මෙහි දී ඔහු අවධානය යොමුකර තිබුණි.
ඒ අනුව 05 ශිෂ්‍යත්වය ජනවාරි මස 03 වන සතියේත්, අ.පො.ස.උසස් පෙළ විභාගය පෙබරවාරි මස පටන් ගැන්මටත්, අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ ආරම්භ කිරිමටත් සැලසුම් සකස් කරන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
පළමු ශ්‍රේණිය අප්‍රේල් මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අදාළ චක්‍රලේඛයට අනුව ඉල්ලුම්කරුවන් ඉදිරිපත් කරන බවත් මෙහි දී ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත.