නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව නව වසරේ ජනවාරි 03 වනදා සිට 2022 වර්ෂයේ රාජ්‍ය සේවාවේ කටයුතු ආරම්භ කිරීම සඳහා වන චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.
නව වසරේ රාජ්‍ය සේවාවේ දිවුරුම් දීම ජනවාරි මස 03 වනදා උදෑසන ජාතික ධජය ඔසවා ,ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව නියමිතව ඇත.
අදාළ චක්‍රලේඛයේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඒ පිළිබඳව තවදුරටත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම උදෙසා වෛද්‍යවරයෙකු මගින් සිදු කරනු ලබන කෙටි දේශනයක් ද පැවැත්විය යුතු බවයි.
එමෙන් ම කොවිඩ් වසංගත සමයේ වසරකට අධික කාලයක් පුරාවට සීමා සහිතව පවත්වාගෙන ගිය රාජ්‍ය සේවා කටයුතු යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව ජනවාරි මස වනදා සියලු නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජ්‍ය දේවය සදහා වාර්තා කළ යුතු බව එම නිවේදනයේ දක්වා ඇත.