නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් බදු ගෙවීම වෙනුවට.

රජය ගෙන ඇති නව තීරණය බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම බවයි රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කළේ.

අදාළ නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ව්‍යවසායකයින් , ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් හඳුන්වා දෙන බව ද රාජ්‍ය  අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇත.

එමෙන්ම බදු ගෙවීම නියමිත අයුරින් සිදු කරන්නේ නම් වෘත්තීය අවදානම මත පදනම්ව එම ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version