ඊයේ (15) උතුරු කොරියාව විසින් අධිතෙරපුම් ඝන ඉන්ධන මෝටාරයක් අත්හදා බලා තිබේ.
ඒ අනුව එම අත්හදා බැලීම සිදුකර තිබෙන්නේ එරට නායක කිම් ජෝන් උන්ගේ අධීක්ෂණය යටතේ සෝහේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය තුලදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම න්‍යෂ්ටික බලය අතින් ශක්තිමත්ම රට වීමට අපේක්ෂා කරන බව උතුරු කොරියානු නායකයා එහිදී ප්‍රකාශ කර තිබේ.
තවද මෙවැනි අත්හදාබැලීමක් සිදු කළ පළමු අවස්තාව මෙය වන අතර මෙමඟින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සංවර්ධනය කිරීම සහ නව ආකාරයේ උපාය මාර්ගික අවි පද්ධතියක් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.