නාගානන්ද – ඕෂල පැටලෙයි මාධ්‍යවේදී කල්ප ගුණරත්නට CID යෙන් කැඳවීමක්

අධිකරණ අපහාස සිද්ධියකට මී මැස්සන්ට CID යෙන් කැඳවීමක්

Mee Massoo TV You tube නාලිකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා හෙට (21) පෙරවරුවේ කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

ඒ ඔහුට අයත් You tube නාලිකාවේ විකාශය කරන ලද වැඩසටහනක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි.

එම වැඩසටහන හරහා අදහස් ඉදිරිපත් කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් අධිකරණට අපහාසය කර ඇති බවට වන චෝදනාවකට අදාළව සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙම කැඳවීම කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වැඩසටහනේදී නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින්, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීම නීති වීරෝධී බව සඳහන් කරමින් ගොනුකර තිබු පෙත්සමකට අදාළව ලබාදුන් අධිකරණ තීන්දුවක් විවේචනය කර තිබු බවත් එමෙන්ම අධිකරණය සහ විනිසුරුවරුන්ට අපහාස වන අයුරින් කරුණු ඉදිරිපත් කර ඇති බවටත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බව සඳහන්.

කෙසේ නමුත් 2002/ 12 දරණ පනතට අනුව මාධ්‍ය කටයුතු සම්බන්ධ වැඩසටහන් පිළිබදව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට, පොලිස් දෙපාර්තමේන්තුවට බලයක් නැත. එසේ වූවත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රකාශ, ආදි නොකල යුට්ජු ක්‍රියා ගනණාවක්ම මාද්‍ය ආචාරධර්ම වලදි පෙන්වා දෙයි

අදාළ වැඩසටහන පහළින්

Exit mobile version