මස්කෙළිය පොලීසිය පවසන්නේ නාදුනන පිරිමි මළසිරුරක් මාවුස්සා ජලාසයෙ පාවෙමින් තිබී හමුවූ බවයි.
තුවාල සහිත මෙම මළසිරුර වයස අවුරුදු 25ක් පමණ වන අයකුගේ බවත් ජලාශයේ ධීවරයන් විසින් මුලින්ම දැක පොලීසියට දැනුන් දුන් බවත් මස්කෙළිය පොලීසිය සදහන් කරයි.
මළසිරුර මරණ පරීක්ෂණ පැවැත්වීම සදහා දික්ඔය රෝහලේ අධිකරණ වෛධ්යවරයා යොමු කර ඇති අතර මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .