නාන්න ගිය තරුණයා අතුරුදහන් .

බණ්ඩාරවෙල ලියන්ගහවල  ප්‍රදේශයේ  වංගෙඩි වලේ දිය නෑමට ගිය විසි දෙහැවිරිදි  තරුණයෙකු දිය වලට ඇද වැටී  අද (26)  අතුරුදහන් වී ඇති බවට ලියන්ගහවෙල පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

මොහු දිය වල අසල  දී දිය නෑමට සූදානම් වන අතරතුර  ලිස්සා ගොස් දියවලට ඇද වැටී ඇති බව සදහන්. 

මිතුරන් කණ්ඩායමක්  සමඟ ඔහු බීමත්ව  සිට පසුව දිය නෑමට පැමිණ   ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

 සිරුර සෙවීම සඳහා කිරින්ද නාවික වරායේ කිමිදුම් කණ්ඩායමකගේ සහාය ලබාගත් බවට ලියන්ගහවෙල  පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල බණ්ඩාර විජේකෝන්   මහතා පැවසූ බව වාර්තා වේ.

Exit mobile version