නාඳුනන මළ සිරුරක් ගොඩනැගිල්ලක් තුළින් මතු වේ

Dead woman lying on the floor under white cloth with focus on hand

තුන් මහල් ගොඩනැගිල්ලක තිබී අභිරහස් ලෙස මියගොස් ඇති නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

හලාවත ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු නවීන් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ එහි මූලික නිරීක්ෂණ කටයුතු සිදුකර ඇත.

ඉන් අනතුරු මළ සිරුරේ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා දිසා විනිසුරුවරයාගේ නියමය පරිදි හලාවත මහා රෝහල වෙත ගෙන ගොස් ඇත.

මළසිරුර හමූවූ ගොඩනැගිල්ල තුළ ඉස්සන් සඳහා යොදන ආහාර ගබඩා කර තිබූ බවට වාර්තා වී ඇත.

එම ගොඩනැගිල්ල ආශ්‍රයෙන් දින කිහිපයක සිට හමන ලද දුඟදක් හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදු කරන ලද සෝදිසි කිරීමකදී ඊයේ (25) දහවල් එම මළසිරුර දැක ඇති බව සඳහන් වේ.

අදාළ මළසිරුර මහල් තුනකින් යුතු ගොඩනැගිල්ලේ තෙවන මහලේ කාමරයක් තුළ ඇඳක් මත කොටස් දෙකකට වෙන්ව තිබී ඇති අතර මේ වන තෙක් එහි අනන්‍යතාවය අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරච්චිකට්ටුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version