පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ව්යාපාරික ධම්මික පෙරේරා මහතාත්, අග්රාමාත්ය අපේක්ෂකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්රයා වන නාමල් රාජපක්ෂ මහතාත් ඉදිරි ජනාධිපතිවරණයේදී, සහ මහ මැතිවරණයේදී තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.
චමුදිත සමරවික්රම මහතා සමග ඔහුගේ අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්චාවකදී රුසියාවේ හිටපු තානාධිපති උදයංග වීරතුංග මහතා විසින් එය අනාවරණය කරන ලදී.