පසුගිය දිනයක ඉන්ධන පිලිබදව තොරතුරු ලබා දීමේ මාධ්‍ය සාක්ච්චාවකට ශ්‍රී ලංකාවේ පර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගි වීමත් සමගම එරට ප්රගතිශීලී ජනතාවගේ දෙනෙත් විවර වෙමින් යම් සැකයකට තුඩු දී තිබුණි. ඒ පිලිබඳව සාමාජ මාධ්‍ය ජාලා තුල දැවැන්ත කතා බහක් ඇති විය .
එසේම ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්පළවල් පෞද්ගලික අංශයට ලබා දීමට යන බැව් ඛනිජ තෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ එදිනමය. නමුත් ඊටත් පෙර සති කිහිපයකට පෙරම ඒ පිලිබදව විවිධ කට කතා පැතිර ගියේ කටාර් ඉන්ධන කම්පැනියේ වෙබ් අඩවියේ මුදල් අධ්‍යක්ෂක ලෙස “නාමල් රාජපක්ෂ” නාමයක් සදහන් වීමයි. කෙසේ වුවත් මේ වන විට අදාළ වෙබ් අඩවියේ එම කොටස ඉවත් කර තිබෙන බවද දක්නට ලැබේ.
මේ පිලිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරන රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ තමන්ට එම ආයතනය සමග සම්බන්ධයක් නැති බවත්, නාමල් රාජපක්ෂ යන නාමයෙන් තවත් පුද්ගලයන් සිටිය හැකි බවයි. එයද සත්‍යයකි. ජයාරූපයක්වත් නොමැතිව නම පමණක් සදහන් වීමෙන් එවැනි චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකිය. නමුත් ජනතාව දන්නා නාමල් රාජපක්ෂ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැවින් ඔහුගේ මේ කැළල ඇති උනා විය හැකිය.
කෙසේ වුවත් මේ පිලිබදව ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමෙන් පමණක් නාමල් රාජපක්ෂ මහතා බලාපොරොත්තුවන ප්‍රතිරූපය වෙනස් කිරීමට මහජනතාව සූදානම් නැති බව සමාජ් මාධ්‍යට අනුව පෙනී යයි. ඔහු කල යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තොරතුරු ලබා ගනිමින් අදාළ ඉන්ධන කොම්පැනියේ නාමල් රාජපක්ෂ නම් වන මුදල් අධ්‍යක්ෂකවරයා ගැන තොරතුරු එළිදරව් කිරීමයි.
කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයෙකු මේ ඉන්ධන මගඩිය පිටුපස සිටින බව පැහැදිලිය. සමහර විට නාමල් රාජපක්ෂගේ නම භාවිතා කරමින් වෙනත් පුද්ගලයෙකු හෝ සිටින බව මන්ත්‍රීවරයාගේ ප්රකාශයෙන්ද සිතිය හැකිය. දැන් සෙවිය යුත්තේ මේ ශ්‍රී ලංකික ජඩයා නොහොත් ජනතාවගෙන් සාපලත් මේ අපරාධකරුවන් සොයා ගැනීමයි. එය කල හැකි හොඳම පුද්ගලයා වන්නේ ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාමය. එම අපරාධකරු සොයා දඩු කඳේ ගැසිය යුතුමය. අද රටක් ගිනි ගෙන දැවෙන්නේ මේ තක්කඩි වෙළෙන්දන් නිසාය.අද රටේ ජනතාව නොවිදිනා දුක් විදිමින් විවිධ පුද්ගලයන්ගේ නම් කියමින් ඔවුන්ගේ හත් මුතු පරම්පරාවටම සහ ඔවුන්ගේ දරු මුනුපුරන්ටද ශාපකරති. ඒ ශාපය විශ්වය පුරා රැව් පිළිරැව් දෙති. එයින් ගැලවී යාමට නම් ඔවුන්ට කිසිදු ඉඩක් නොලැබෙනු ඇත.
https://drive.google.com/file/d/1ZMMMc8kPhacYkQBO9t1QU6F2PI3bFsal/view?usp=sharing