මේ වන විට නැවතත් පොහොට්ටු පක්ෂය ඇදගෙන නාමින් මර්ධනයක් ආරම්භ කර තිබේ. එම මර්ධනය පිටුපස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොමැති බවත් රනිල්ගේ හැසිරීමේ ඇතුලාන්තය තුල යම් ගැඹුරු සැගවුණු අර්ථයක් තිබෙන බවත් පෙනෙන්නට තිබේ. නමුත් රනිල්ගේ ඇතුලාන්ත ගැටයට පොහොට්ටු පක්ෂය හසුවී නැවතත් දරුණු කුණාටුවකට ඔවුන් අත වනමින් සිටින බව ඔවුන්ට නොපෙනෙන්නේ ඔවුන්ගේ බලය නිසා විය හැකිය.
ඒ අතර විපක්ෂනායකවරයා කථානායකගෙන් ඉල්ලා සිටියේ අත් අඩංගුවට ගත් දමිතා අබේරත්න නිලහස් කරන ලෙසයි. එම ඉල්ලීමත් සමගම නාමල් රාජපක්ෂ මහතා නැගී සිටිමින් ප්‍රතිචාර දැක්වුයේය.
සඡිත් ප්‍රේමදාස මහතාට අනුව ඇය කිසිදු නීතිවිරෝදී ක්‍රියාවක් කර නැත.
“සමාවෙන්න මෙහෙම කිව්වට. ආණ්ඩුවට පෙන්නන්න බැහැනේ මේ කලාකරුවන්, තරුණ තරුණියන් වගේම විශ්වවිද්‍යාල සිසුන්. මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ බොහොම කාරුණිකව දමිතා අබේරත්න මැතිණිය ඒ දඩයම් කිරීම, ඒ රාජ්‍ය දඩයම, රාජ්‍ය ම්ලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය, මේ හිංසනය, රාජ්‍ය ප්රචණ්ඩත්වය නතර කරන්න. ඔහොම කර කර කොහොම ද කියන්නේ එකතු වෙලා වැඩ කරන්න. මේක අසාධාරණයි.” ලෙස ඒ මහතා ප්‍රකාශ කරන විට නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දැක්වීය.
“පරීක්ෂණය කිරීම පිළිබඳව අපි කිසි කෙනෙකුට ගැටලුවක් තියෙන්න බැහැ. විපක්ෂ නායකතුමනි. එතුමිය කිසි ම වැරැද්දක් කරලා නැත්නම් අධිකරණයෙන් එතුමියට සාධාරණයක් ලැබැයි කියලා අපි විශ්වාස කරනවා. යම්කිසි කෙනෙක් වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ අයව ආරක්ෂා කරන්න විපක්ෂ නායකතුමාවත් අපිවත් ඉදිරිපත් නොවිය යුතුයි. හැබැයි ඒ වගේම ඒ අයට නීතිය හමුවේ සාධාරණය ඉෂ්ඨ කරන්න ඒ අයගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය අපි ලබා දිය යුතුයි.” නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය. නමුත් මැයි 9 වෙනිදා ප්‍රහාරයේ චුදිතයන් ද තවමත් නිසි අත් අඩංගුවකට ගැනීමක් කර නැති අතර නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පියා වන මහින්ද රාජපක්ෂ මහතාද එම ප්‍රහාරයේ චුදිතයන්ය.
එසේම මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද ප්‍රතිචාර දැක්වීය
“ඔබතුමන්ලා උළුප්පන්න හදනවා රාජ්‍ය ත්‍රස්තවාදය කියලා නීතිය සහ සාමය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට. කොහොම ද ?ඒක රාජ්‍ය ත්රස්තවාදයක් වෙන්නේ ? .ඒ නිසා ඔබතුමා කියූ කාරණාව අදාළ අමාත්‍යවරයාට දැනුවත් කරන්න කටයුතු කරන්නම්. ඒ වගේ ම සාධාරණව ඒ පරීක්ෂණ ගෙනි යන්න ඉඩ දෙන්න ඕන .මොකද අපි ව්‍යවස්ථානුකූලව දිවුරුම් දීලා මෙතැන්ට ආපු අය .” ලෙස ප්‍රසන්න රණතුංග.මහතා ප්‍රකාශ කරන ලදී. එහිදී ඒ මහතාට ව්‍යවස්ථාව මතක් උනත් පසු ගිය දිනක ඉංධන පෝලිමක සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුටම ඔහු පහර දී තිබුණි
කෙසේ වෙතත් යමෙක් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට සාක්ෂි තිබිය යුතුය. සාක්ෂි නොමැතිව පීඩාවට පත්වන ආකාරයෙන් නඩු පැවරූ විට අදාල පොලිස් නිලධාරීන්ට විරුද්ධව නඩු වර්ග කිහිපයක් පැවරිය හැකිය. තව දුරටත් පොලිස් නිලධාරීන් එසේ කිරීම නැවත්වීමට නම් ඔවුන්ට විරුද්ධව මුලික අයිතිවාසිකම්, අපරාධ සහ අලාභයද ඉල්ලා පෞද්ගලිකව නඩු පැවරිය යුතුය. එය එසේ නොකර ඔවුන්ගේ මර්ධනය නොනවතිනු ඇත.
විපක්ෂනායකවරයා ඉල්ලීම කලේ කථානායකවරයාගෙන් වන අතර මංත්‍රී නාමල් රාජපක්ෂ හෝ ප්‍රසන්න රණතුංග මහතා ප්‍රතිචාර දැක්වීමෙන් පෙනීයන්නේ මෙම මර්ධනය සිදුකිරීම පොහොට්ටු පක්ෂය විසින් සිදුකරන බවයි.