සීමා නිර්ණය අවසන් අදියරේ – සභික සංඛ්‍යාව 8000 සිට 5000 දක්වා කරයි අලුතින් නාම යෝජනා කැඳවයි
සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් අදියරේ ඇති බව සීමා නිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මාර්තු මස අගභාගය වන විට අදාළ අවසන් වාර්තාව භාර දීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ අනුව ළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8400 සිට 5000 දක්වා අඩු කිරීමට පියවර ගැනීමට සිදුවනු ඇති බවත් සඳහන් කර තිබෙනවා.
මහින්ද දේශප්‍රිය මහතා මේ අදහස් පළකර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
එලෙස සභික සංඛ්‍යාව අඩු කල විට පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සිදුවන්නේ එම තත්වය තුල බවද පෙන්වා දෙන දේශප්‍රිය මහතා මෙහිදී දැනට පැවැත්වීමට නියමිත ඡන්දය ප්‍රමාද වුවහොත් දැනට කැඳවා ඇති නාමයෝජනා අවලංගු කර නව ක්‍රමය යටතේ නැවත නාමයෝජනා කැඳවා ඡන්දය පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
සම්පූරණ සාකච්චාව පහතින් බලන්න