රත්නපුර ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසන්නේ බලංගොඩ උඩවෙල හොරන්කඳුර ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති බවයි.
වාර්තා වන ආකාරයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ නායයාම හේතුවෙන් විපතට පත් පිරිස් මුදාගැනීම සඳහා 08 වන ගැමුණු හේවා බලඇණියේ යුද හමුදා භටපිරිස් එම ස්ථානය වෙත ළඟාවෙමින් සිටින බවත්
නායයාම හේතුවෙන් අනතුරට පත් එක් අයෙකු මුදාගෙන මේ වනවිටත් රෝහල්ගතකර ඇති බවත්ය.