වික්ටෝරියා ජලාශයේත් වාන් දොරටු 06ක් විවෘත කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට දැනුම්දීම් සිදු කරයි.
එමෙන්ම පවත්නා අහිතකර කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්රික්ක කිහිපයකටම නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇත.
ඒ අනුව බදුල්ල-පස්සර, මහනුවර – උඩුදුම්බර, නුවරඑළිය-අඹගමුව යන ප්රදේශ සඳහා දෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇත.
එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොණරාගල යන දිස්ත්රික්ක සඳහා ද අවධානයෙන් පසුවන ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.