නාය යෑමක් නිසා අහිමි වූ ජීවිතයක්

නුවර – කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ වෙළෙඳසැල් 04ක් මතට පස් කන්දක් කඩා වැටී සිදුවූ නාය යෑමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම වෙළෙඳසැලේ සිටි පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රී සිදුවූ නායෑමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවය.

පොලීසිය සහ අපදා කළමණාකරණ අංශ එක්ව ඔහුගේ සිරුර සෙවීමේ කටයුතු ඊයේ රාත්‍රියේම ආරම්භ කර තිබුණු අතර මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් වේ.

වාර්තා වන ආකාරයට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මෙම ස්ථානය මීට පෙරද නායයෑමක් සිදුවූ ස්ථානයක් බැවින් වෙළෙඳසැල් හිමියන්ට ඉවත්වන ලෙස දැන්වූ බවත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවීම හේතුමෙන් මෙම අනතුර සිදුව තිබේ.

තවත් අවදානමට ලක්වූ වෙළෙඳසැල් කිහිපයක්ම එහි පවතින අතර ඉන් වහාම ඉවත් වන ලෙස දන්වා ඇති බව අපදා කලමණාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version