දකුණු පිලිපීනයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නාය යෑමකින් පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
නාය යෑමෙන් තවත් පුද්ගලයන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
බස් රථයක් මතට සහ නිවාසයක් මතට පස් කඳු කඩා වැටීමෙන් මෙම නාය යෑම සිදු ව ඇත.
පතල් කම්කරුවන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් නාය යෑමට හසු වී මෙම අනතුර සිදු ව ඇති බව සඳහන් .
දකුණු පිලිපීනයට අධික වර්ෂාව හේතුවෙන් දැඩි ආපදා තත්ත්වයක් බලපා ඇති අතර, ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තිබේ.