නාවලපිටිය,පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

ඊයේ (10) දිනයේ මෙම නාවලපිටිය,පුඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටුණු අතර තවමත් එම මාර්ගය වාහන ගමනාගමනය සදහා සුදුසු තත්ත්වයකට පත්ව නැති බව වාර්තා වේ.

නාවලපිටිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා සදහන් කරන්නේ එම පස් කන්ද කඩා වුටුනු ස්ථානයට ඉහළින් තවත් පස් කඳු කිහිපයක් ප්‍රධාන මාර්ගය වෙත කඩාවැටෙමින් පවතින බවයි.

මෙම පස් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ කොටසක් ද කැඩී ගොස් ඇති බව ද වාර්තා වේ.

මේ වන විට එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර නාවලපිටිය පොලිසිය සදහන් කරන්නේ මෙම මාර්ගය පිලිසකර කරගන්නා තුරු රථවාහන ගමනාගමනය සදහා විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසයි.

Exit mobile version