හැටන් සිට මහනුවර හා මහනුවර සිට හැටන් දක්වා ධාවනය වන බස් රථ වලට නාවලපිටිය බස් රථ නැවතුම්පලේ නතර කිරිමට ඉඩ නොදිමත් සමග එම බස් රථවල නාවලපිටිය දක්වා පැමිණෙන මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
එම බස් රථ නාවලපිටිය බස් නැවතුම් පලේ නොනවත්වා නාවලපිටිය දුම්රිය ස්ථානය අසල හා නාවලපිටිය පොලිස් ස්ථානය අසල නතර කිරිමට පියවර ගැනිමත් සමග එම බස් රථවල නාවලපිටියට පැමිණෙන මගින් මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිළිබඳව මෙම බස් රථවල නාවලපිටිය දක්වා ගමන් කර සමහර මගින් මෙන්ම එම බස් රථවලට නාවලපිටියෙන් ගොඩවිමට සිටින සමහර මගීන් පවසනුයේ මෙම බස් රථ නාවලපිටිය බස් රථ නැවතුම්පලේ නතර නොකර වෙනත් ස්ථානවල නතර කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම ස්ථානවල මගි ආවරණද නොමැති බවත් එම තත්වයන් මත බස් රථ පැමිණෙන තෙක් තමන්ට අව් වැසි නොතකා මෙම ස්ථානවල රැදි සිටිමට සිදුවන බව එම බස් රථවලට ගොඩවිමිට සිටින මගින් පවසන අතර මෙම බස් රථවලින් නාවලපිටියට යන මගින්ද පවසනුයේ මෙම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පලේ නතර නොකිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
බස් රථ නැවතුම්පලවල් ඉදි කරනුයේ බස් රථ නතර කිරිමට උවද නාවලපිටිය බස් රථ නැවතුම්පල තුළ මෙසේ බස් රථ නතර නොකිරිම ගැටළු සහගත තත්වයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.
මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මහනුවර මාර්ගයේ ධාවනය කරනු ලබන පුද්ගලික හා ලංගම බස් රථ රියදුරන් කිප දෙනකුම පවසන ලද්දේ නාවලපිටිය පොලිසිය විසින් නාවලපිටිය බස් නැවතුම් පල තුළ බස් රථ නතර කිරිම තහනම් කර ඇති බවත්ය.
මේ පිළිබඳව කරන ලද විමසිමකදි නාවලපිටිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නාවලපිටිය බස් නැවතුම්පල තුළ හැටන් මහනුවර අතර ධාවනය වන බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් හා නාවලපිටිය මහනුවර අතර ධාවනය වන බස් රථ රියදුරු කොන්දොස්තරවරුන් අතර හට ගන්නා විවිධ ගැටුම්කාරි තත්වයන් මත මෙම පියවර ගැනිමට සිදුවු බවත්ය.