කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තවදුරටත් ඉදිරි පැය 24ක කාලය තුළ අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.
තව ද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ද යාත්‍රා කිරීමෙන් වළකින ලෙසත් මුහුදු ප්‍රදේශ රළු වන අතර වෙරළට ආසන්න රළ මීටර් 02-03 ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.
එමෙන්ම ගිණිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩුපීඩන කලාපය මේ වනවිට දකුණු මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ ස්ථානගතව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
ඒ අනුව ඉදිරි පැය 12ක කාලය තුළ දී එම පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී තමිල්නාඩු පුදුච්චේරි වෙරළ වෙත ළඟාවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේය.