කච්චතිවු දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැර වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානක් ඉදිකිරීමට කටයුතු නොකරන බවට නාවික හමුදාව ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.
පසුගිය දිනවල කච්චතිවු දූපතෙහි ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට නාවික හමුදාව කටයුතු කරන බවට පළව තිබූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදා මාධ්‍ය අංශය අද (27) දහවල් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
මිනිස් වාසයකින් තොර කච්චතිවු දූපතේ ආරක්ෂාව සදහා නාවික හමුදා අනු කණ්ඩායම් යොදා ඇති අතර නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ඉදි කර ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානය ඔවුන් විසින් රැක බලා ගැනීම සිදු කරනු ලබයි.
මෙම අනු කණ්ඩයේ රාජකාරි සිදුකරන බහුතර නාවිකයින් බෞද්ධාගමිකයින් වන අතර ඔවුන්ගේ වන්දනාමාන සදහා අනු කණ්ඩයේ භට නිවෙස් තුල කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඇති බවට අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.