පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැගෙනහිර මුහුදේ ධිවර කටයුත් සදහා අද (31) සිට නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වලකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුන් දී තිබේ.
මේවන විටත් මෙරට නැගෙනහිර මුහුදේ ධිවර කටයුතු සදහා ගොස් ඇති අය සිටි නම් එම යාත්‍රා ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත්තේ බෙංගාල බොක්ක මුහුදු ආශ්‍රිතව ඇතිවී ඇති පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව ගිණිකොණ දෙසින් කේන්ද්‍රගතව පවතින බව පවසයි.