ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට සහ ආදරයට පත් නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා අද නුවරට ලගා වීමට නියමිතව තිබේ. ඊයේ හිඹුල මාවෙල පුරාණ මල්වතු විහාරයේ සිට පිළිමතලාව ඌරාපොළ විහාරස්ථානයට රාජ්‍ය ආරක්ෂාව සහිතව පැමිණි හස්ති රාජයා මේ වන විට මහනුවර දක්වා ගමන් කරමින් සිටි.
කොවිඩ් අවදානමද, දැඩි වර්ෂාව ද නොතකා දහස් ගණන් මහනුවර සහ අවට වැසියන් මේ වන විටත් මෙම හස්තිරාජයා දැක බලා ගැනීමට මාර්ගය දෙපස රැස්ව සිටින බව අපගේ නුවර මාණ්ඩලික වාර්තාකරු පවසා සිටී. පොලිස් හා විශේෂ කාර්යබලකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ හස්ති රාජයා මේ වන විට කිරිබත්කුඹුර ප්‍රදේශය පසුකරමින් සිටී. අද හවස ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට නියමිත බවද වාර්තාකරු පැවසීය.