නැන්දම්මාගේ ඝාතනයට  බෑනා අත්අඩංගුවට.

වැලිකන්ද, මුතුගල, සෙවනපිටිය ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකගේ ඝාතනයකට සැකපිට ඇයගේ බෑනා වන පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඊයේ (18) අලුයම මිය ගිය කාන්තාව නිවසේ සැකකටයුතු ලෙස මිය ගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සිදුකරනලද විමර්ශනවලදී මියගිය කාන්තාවගේ බෑනා සැකපිට අත්අඩංගුවට ගෙනතිබේ.

සැකකටයුතු පුද්ගලයා පෙරදින (17) රාත්‍රීයේ බීමතින් පැමිණ නිවසේ දී බිරිද සමග ඇතිවූ ආරවුලක් බේරීමට ගිය අවස්තාවේදී  මෙම මියගිය කාන්තාව තල්ලුකොට දමා ඇති බව පොලිසිය සදහන් කරයි. සැකකරුගේ පහරදීම මැද අනෙකුත් නිවැසියන් යාබද නිවසකට ගොස් තිබේ.

මිය ගිය කාන්තාවගේ සිරුර පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇති බව වාර්තාවේ.

සැකකරු 43 හැවිරිදි වියේ පසුවන අතර වැලිකන්ද පොලිසිය මගින් ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මියමිතව ඇත.

Exit mobile version