නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව හෙක්ටයාර් 900,000ක් සඳහා අවශ්‍ය කරන මෙම දියර පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන 3.1ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ප්‍රකාශ කරයි.

එහි පළමු අදියර වශයෙන් අද (19) දිනයේ ගුවන් මගින් මෙම දියර පොහොර ලීටර් ලක්ෂයක ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමට නියමිතව ඇත.

Exit mobile version