නැවතත් දැවැන්ත අරගලයක ලකුණු!. පාලකයන්ගේ උද්දච්ඡකම රට විනාශ කරයි. ජනපති භිය උනාද?. මර්ධනයෙන් ප්‍රශ්න වැඩි කරන අයුරු

.  මේ වන විට රටේ වැඩි බලයක් තිබෙන්නේ පොදුජන පෙරමුණටය. ශ්‍රී ලංකාව බිදවැටීමට හේතුව අවුරුදු 74 ක පාලනය ලෙස බොහෝ දෙනකු ප්‍රකාශ කලද වත්මන් පොදුජන පෙරමුණ බලයට පැමිණෙන විට ශ්‍රී ලංකාවේ මවැනි විනාශයක සලකුණක්වත් තිබෙනේ නැත. 74 ක් පාලනයට වඩා රටේ විනාශය අප අත්දකින්නේ වර්තමාන පොදුජන පෙරමුණ බලයට පත් වීමත් සමගය. ගෑස් පෝලිම්, විදුලිය කැපීම්, ඉන්ධන පෝලිම් ආදීයද සමග රටේ පාරිසරික මෙන්ම පෞරාණික දේවල් දැවැන්ත ලෙස විනාශ වන්නේද පොදුජන පෙරමුණ පාලනය යටතේය.

එවන් වාතාවරණයක් යටතේ පොදුජන පෙරමුණ රටේ ජනතාවට ප්‍රථමව පහරදෙන්නේ මාර්තු 31 ය. එතැන් සිට ජනාධිපති ලෙස සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා යන තෙක්ම සිදු වුයේ දැවැන්ත විනාශයකි. පාලකයන්ගේ වරදින් නොහොත් පලකයන් නිසා පීඩාවට පත් මහජනතාව කැළඹීමට පත් වුයේ ඔවුන් යම පල්ලන් සේ ජනතාවගේ මාංශ උරා බී බැවිනි. දැන් නැවතත් ඔවුන් බලය අරගෙන තිබේ. දැන් ඔවුන් සිදුකරන්නේ අරගලයේ සාමාජිකයන් දඩයම් කිරීමයි. නමුත් පාලක පන්තියට හෝ ආරක්ෂක අංශවලට නොපෙනෙන බොහෝ දේවල් සමජය ඇතුලතින් නැවතත් සිදුවෙමින් පවතී. ඒ නැවතත් දැවැන්ත අරගලයක සලකුණුය. දහස් ගණනක් අත් අඩංගුවට ගෙන නඩු පැවරුවත් තවත් දහස් ගණනක් පාරට බැසීමට සූදානම් වෙමින් පවතී. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව වෙඩි තබා එය පාලනය කිරීමට, හෝ නඩු පවරා පාලනය කිරිම නම් එය පැරණි ක්‍රමයකි. නව ලෝකයට එය නොගැලපේ. ඉන් රටක ජනතාවක් පාලනය කිරීමට නොහැකි වනු ඇත.

එයට හේතුව වන්නේ අධික භාණ්ඩ මිල ඉහල යාම, විදුලිය බලය කප්පාදුව කාලය වැඩි වීම, නීතිය අවිනීතිය වීම, සමාජ අසාධාරනකම් වැඩි වීම ආදී ගැටළු රාශියක් මේ සදහා මුල් වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් විදුලි බලය කප්පාදු කාලය වැඩි වුහොත් අනිවාර්යෙන්ම ලක්ෂ ගනනාවක් ජනතාවක් නැත කොළඹ වටලනු ඇත. එය පෙර පරිදි අවසන් කල නොහැකි අරගලයක් විය හැකි අතර පොලිස් නිලධාරීන්ගේ මෙන්ම ජනතාව මර්ධනය කිරීමට අණදෙන හමුදා නායකයන්ටද, ඔවුන්ගේ නිවැසියන්ටද යහපත් කාලයක් නොවනු ඇත.

අද මේ වන විටත් ශ්‍රී ලංකා පොලිසිය නීතිය කඩකරමින් සිටින අතර එය කිසිසේත්ම යහපතක් නොවන බව රටේ  පාලක පන්තිය වටහාගත යුතුව තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ඉතිහාසය කියවන ලෙසයි. මෙවැනි අවස්ථාවලදී ලෝකයේ සිදුවීම් පිලිබදව ඉතිහාසය තුල රාජ්‍ය මර්ධනය තිබුනත් ඒ සියල්ලම අවසන්ව තිබෙන්නේ පාලකයන්ගේද විනාශය සමගය. හිට්ලර්ගේ ඉතිහාස පාඩම ඒ පිලිබදව මනා අවබෝධයක් ලබා දෙයි.

එබැවින් ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය සහ ආරක්ෂක හමුදා ප්‍රධානින් මේ ප්‍රශ්නයන් සාමකාමීව විසදා ගැනීමට කටයුතු කල යුතව තිබේ. රජය විසින්ම සාමය නැතිකර මේ ආකාරයෙන් සිදුකිරීම ලෝක ඉතිහාසයේ තවත් අමුතුම තාලේ අරගලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලියවෙනු ඇත. කුමන අකාරයෙන් අධි ආරක්ෂිත කලාප ඇති කලද, පීඩිත ලක්ෂ ගණනාවක ජනතාවකගේ නැගී සිටීම හමුවේ ඒ සියල්ලම නාමමාත්‍රික ස්ථානබවට පත්වෙනු ඇත. එබැවින් ජනතාවගේ තත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීමට රජයට තවමත් කාලය තිබේ. අප සෑම දිනකම ලියන්නා සේ මෙවරද සටහන් කරන්නේ මේ සටන ජනතාව විසින් සිදුකරන්නේ තමන්ගේ කුසගිනි නිවා ගැනීමටය. එක අරගලයක් අවසානයේ ඔවුන්ගේ ප්‍රශ්න විසදනවා වෙනුවට පාලක පන්තිය සැප විදිමින් ජනතාවට කොකා පෙන්වීමෙන් සිදුවන්නේ ජනතාව කුපිත කරවීමේ විපාකය දරුණු ලෙස අත් විදීමට පාලකයන්ට සිදුවන බවයි.     

Exit mobile version