අපනයනය කිරීම නවතා දමා තිබූ ඉන්දියාවේ ලොකු ළූණු නැවතත් අපනයනය කිරීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ලොකු ළූණු අපනයනය කිරීම නැවැත්වීමට ගෙන තිබූ තීරණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කිරීමට එරට රජය තීරණය කර නොමැති බව සඳහන්.
සීමිත තොග ප්රමාණයක් ඉන්දියානු රජය විසින් විදේශ රටවල රජයන් වෙත ද්විපාර්ශ්වික අරමුණු කර ගනිමින් අපනයනය කිරීමට තීරණය කර ඇති බවද සදහන් වේ.
නැවතත් ඉන්දියාවේ සිට ලොකු ළූණු මෙරටට ගෙන්වීමත් සමඟ මිල ද පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.