“නැවතත් සාකච්චාවට එන්න”. රුසියාව –  යුක්රේනයෙන් ඉල්ලයි.

රුසියාවේ TASS ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාවකට අනුව යුක්රේනයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට මොස්කව් ඉඩ නොදෙන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා තිබේ.

ලැව්රොව්ගේ වාර්තාගත ප්‍රකාශය සිදුවූයේ ජිනීවා නිරායුධකරණ රැස්වීමකදී කියෙව් න්‍යෂ්ටික අවි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවට ඔහු චෝදනා කිරීමෙන් දිනකට පසුවය.

“යුක්රේනය තවමත් සෝවියට් තාක්ෂණයන් සහ එවැනි ආයුධ බෙදා හැරීමේ මාධ්යයන් ඇත,” ඔහු කලින් පටිගත කරන ලද දේශනයකදී නිරායුධකරණය පිළිබඳ සම්මේලනයට එසේ පැවසීය. එහිදී මෙම සැබෑ අනතුරට ප්‍රතිචාර දැක්වීමට ගොස් ඔවුන්ට අසමත් විය නොහැකි බවද සදහන් කර තිබේ.

මේ අතර බොහෝ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් රුසියාවේ ආක්‍රමණයට විරෝධය පළකර තිබෙන අතර මොස්කව් මේ දිනවල තමන්ගේම න්‍යෂ්ටික හමුදාවන් දැඩි සීරුවෙන් තැබීමට පියවර ගෙන තිබේ.

ඒ අතර, අල් ජසීරා පුවත් සේවය පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය (UNHCR) පවසන පරිදි රුසියාව සිය ආක්‍රමණය දියත් කළ දා සිට මේ වන විට  836,000 කට ආසන්න පිරිසක් යුක්රේනයෙන් පලා ගොස් තිබෙන බවයි .

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට අවශ්‍ය ඕනෑම යුක්‍රේන විදේශ ගමන් බලපත්‍ර හිමියෙකුට වීසා බලපත්‍රයක්  ලබාගෙන එරටට ඇතුල්විය  හැකි බවද සදහන් වේ.

රුසියානු සහ යුක්රේන තිරිඟු අපනයනය මත යැපෙන බලශක්තියෙන් පොහොසත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එහි දළ වශයෙන් මිලියන 8 ක විදේශීය පදිංචිකරුවන් සහ මිලියනයක් එමිරාටි පුරවැසියන් අතර යුක්රේන වැසියන් 15,000 ක් පමණ වාසය කරන බවද අල් ජසීරා පුවත් සේවය සදහන් කරයි..

අනෙකුත් ගල්ෆ් අරාබි රාජ්‍යයන් මෙන්, එය යුද්ධයෙන් පලා යන පුද්ගලයින් හඳුනා නොගන්නා අතර සිරියාව, ඉරාකය සහ වෙනත් යුද්ධ වලින් සරණාගතයින්ට සරණාගතභාවය ලබා ගැනීමට හෝ නැවත පදිංචි වීමට අවසර දී නොමැත.

ඒ අතර පසුගිය සතියේ රුසියාව  යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකින යෝජනාවද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඡන්ද විමසීමේදී වැළකී සිටියේය.

ඒ අතර අද රුසියාව විසින් කාර්කිව් නගරය වටලන විට නගරයේ සිව්දෙනෙකු මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති කාර්කිව් නගරාධිපති පවසයි. ප්‍රහාර අඛණ්ඩව පවතින බවද ඔහු සදහන් කරයි.

 “Kharkiv යනු රුසියානු භාෂාව කතා කරන නගරයකි. Kharkiv හි සෑම සිව්වන පුද්ගලයෙකුටම රුසියානු සමූහාණ්ඩුවේ ඥාතීන් සිටී. නමුත් අද රුසියාව කෙරෙහි නගරයේ ආකල්පය වෙන කවරදාටත් වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය, ” එසේ පැවසුවේ නගරාධිපති ඉහෝර් ටෙරෙකොව් අන්තර්ජාලය වෙත් වීඩියෝවක් මුදා හරිමිනි. ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ, “මෙය සිදුවනු ඇතැයි අපි කිසිසේත් අපේක්ෂා නොකළෙමු: සම්පූර්ණ විනාශය, සමූලඝාතනය, යුක්රේන ජනතාවට එරෙහි ජන සංහාරය – මේ කිසිවකට සමාව දිය නොහැක.” ලෙසයි.

ඒ අතරම රුසියාවේ යුක්රේන තානාපති කාර්යාලයට යුද විරෝධී සංඥා රැගෙන යාම නිසා රුසියානු පොලිසිය ළමයින් රඳවා තබා ගත් බව ද  කියනු ලැබේ.

රුසියාවේ ප්‍රමුඛතම ස්වාධීන පුවත්පත වන Novaya Gazeta වාර්තා කර ඇත්තේ මොස්කව්හි යුක්‍රේන තානාපති කාර්යාලයේ මල් සහ යුද විරෝධී පුවරු තැබීම සඳහා ළමුන් රුසියානු පොලිසිය විසින් රඳවාගෙන ඇති බවයි.

“ප්‍රෙස්නෙන්ස්කි පොලිස් දෙපාර්තමේන්තුවේ, දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් රාත්‍රියක් තබාගෙන ඇත ” යනුවෙන් පුවත්පත රුසියානු භාෂාවෙන් ට්වීට් කර තිබෙන්නේ  දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ඡායාරූපයක් සමඟිනි.

“ඔවුන් යුක්රේන තානාපති කාර්යාලයට මල් තියද්දී පොලිසිය ඔවුන්ව රඳවා ගත්තා,” ලෙස එය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අතර කියෙව් නගරයට සමීපව රුසියාව හමුදා රැස් කරමින් සිටින බව යුක්රේන අගනුවර නගරාධිපති පවසයි. ඔහු තව දුරටත් සදහන් කරන්නේ “අපි සූදානම් වෙමින් සිටින අතර Kyiv නගරය ආරක්ෂා කරන්නෙමු” ලෙසයි. එසේම  Vitali Klitschko ෆේස්බුක් හි සටහනක් තබමින් කියා සිටින්නේ, “Kyiv සිටගෙන සිටිනු ඇත.” ලෙයි. ඔහුට අනුව kYIV නගරයට කිසිවක් කිරීමට රුසියානු හමුදාවට නොහැකි වනු ඇත.

ඒ අතර නගරය ආරක්ෂා කිරීමේ අරමුනින් සෑම දිනකම රාත්‍රී 8 සිට පෙරවරු 7 දක්වා ක්‍රියාත්මක වන පරිදි නගරය පුරා ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

ඒ අතරම තවත් විශේෂ සිදුවීමක් සිදුවෙමින් අද දින (03) යුක්රේනය සමඟ දෙවන සාකච්ඡා වටයක් පැවැත්වීමට රුසියානු නිලධාරීන් සූදානම් බව ක්‍රෙම්ලිනය පවසා ඇති නමුත් යුක්රේන නිලධාරීන් පැමිණෙන්නේද යන්න ප්‍රකාශයක් මෙතෙක් නිකුත් වී නැත.

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ සාකච්ඡා සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ඇති බවයි. දෙරටේ නියෝජිතයන් අතර සඳුදා පැවති හමුවක් කතා කිරීම හැර කිසිදු එකඟතාවයකින් තොරව අවසන් විය.

සෙලෙන්ස්කි අඟහරුවාදා කියා සිටියේ වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට පෙර රුසියාව යුක්රේන නගරවලට බෝම්බ හෙලීම නතර කළ යුතු බවයි.

ඒ අතරම රුසියාව තුලින්ම යුද විරෝදී විරෝධතා මතුවෙමින් පැවති. සිරගත කරන ලද ක්‍රෙම්ලිනයේ විවේචක ඇලෙක්සි නවාල්නිගේ ප්‍රකාශිකාව රුසියාවේ දෛනික යුද විරෝධී විරෝධතා කැඳවා තිබෙන බවද වාර්තා වේ.

“වඩාත්ම වැදගත් වන්නේ  තොරතුරු පැතිරවීමට සහ  ඔබ නැවත නැවත එය  පළ කිරීමට බිය නම්  – අවම වශයෙන් ඔබේ හඳුනන අය අතරේ කට වචනයෙන් හෝ යුද්ධයක් නැති බව පතුරුවන්න…,” කිරා යාර්මිෂ් තම ට්විටර් ගිණුමේ සදහන් කළේය.

සියලුම රුසියානු නගරවල ප්‍රධාන චතුරශ්‍රවල දේශීය වේලාවෙන් රාත්‍රී 7 ට දිනපතා පෙළපාලි පවත්වන ලෙසත් සති අන්තවල දේශීය වේලාවෙන් සවස 2 ට පෙළපාලි පවත්වන ලෙසත් යාර්මිෂ් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

රුසියාව පුරා නගරවල යුද විරෝධී විරෝධතා වට කිහිපයක් දැනටමත් සිදුවී ඇත. විරෝධතා නිරීක්ෂණ කණ්ඩායම OVD-Info වලට අනුව, පෙළපාලිවලට සහභාගී වීම නිසා පුද්ගලයින් 6,800 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

තුර්කි රජය පවසන පරිදි තුර්කියේ ඉල්ලීම පරිදි රුසියාව සිය යුද නැව් හතරක් තුර්කි මුහුද හරහා කළු මුහුදට යැවීමේ ලංසුව අවලංගු කර ඇත.

නේටෝ සාමාජිකයෙකු සහ කළු මුහුදේ යුක්රේනයේ සහ රුසියාවේ අසල්වැසියෙකු වන තුර්කිය රටවල්  දෙකම සමඟ හොඳ සබඳතා ඇති අතර පසුගිය සතියේ රුසියානු හමුදා ආක්‍රමණයෙන් පසුව ඇති වූ අර්බුදය සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගත ප්‍රකාශයන් අනුගමනය කළේය. එය අපගේ විදියට නම් ඇඟ බේරා ගැනීමකි.

සිට 1936 ගිවිසුමක් යටතේ එහි Bosphorus සහ Dardanelles සමුද්‍ර සන්ධිය වසා දමා තිබේ .Montreux සම්මුතියට අනුව, මධ්‍යධරණී මුහුද සහ කළු මුහුද සම්බන්ධ කරන සමුද්‍ර සන්ධිය පාලනය කිරීම තුර්කියට ඇති අතර යුධ සමයේදී හෝ තර්ජනයට ලක්වුවහොත් යුද නැව් ගමන් කිරීම සීමා කළ හැකිය. ගිවිසුම මගින් ඔවුන්ගේ කඳවුරු වෙත ආපසු යන යාත්‍රා නිදහස් කරයි.ඒ අනුව ගැටුම් ඇති වූ මුල් කාලයේදීම සමුද්‍ර සන්ධිය වසා දමා තිබේ.

තුර්කි විදේශ අමාත්‍ය Mevlut Cavusoglu අඟහරුවාදා  කියා සිටියේ, රුසියානු ආක්‍රමණය “යුද්ධය” ලෙස නම් කිරීමට පෙර තුර්කිය රුසියාවෙන් තම නැව් නොයවන ලෙස ඉල්ලා සිටි බවත්, සම්මුතිය යටතේ ගමන්  සීමා කිරීමට තමන්ට නීත්‍යානුකූලව ඉඩ සලසන බවත්ය.

ඒ අතර රුසියාව පවසා ඇත්තේ එහි නැව් හතරක් පෙබරවාරි 27-28 යන දිනවල සමුද්‍ර සන්ධිය තරණය කරන බවත් ඉන් තුනක් කළු මුහුදේ කඳවුරු සඳහා ලියාපදිංචි වී නොමැති බවත්ය.

“අපි රුසියාවට කිව්වා මේ නැව් එවන්න එපා කියලා රුසියාව කිව්වා යාත්‍රා සමුද්‍ර සන්ධියෙන් එතෙර වෙන්නේ නැහැ කියලා,” ලෙස මේ පිලිබදව බලා සිටින අනෙකුත් රාජ්‍යන් තුර්කිය පවසා තිබේ.

“කිසිවෙකු මෙයින් අමනාප නොවිය යුතුය, මන්ද මොන්ට්‍රෙක්ස් සම්මුතිය අද, ඊයේ සහ හෙට වලංගු බැවින් අපි එය ක්‍රියාත්මක කරන්නෙමු,” ලෙසද තුර්කි විදේශ  විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.

ඒ තවත් විශේෂ සිදුවීමක් සිදුවෙමින් යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාවේ සහායක භූමිකාව රඟදක්වන බෙලරුසියාවට එරෙහිව යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් නව සම්බාධක අනුමත කර ඇති බව යුරෝපා සංගම් කවුන්සිලයේ ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි.

රුසියාවේ ආක්‍රමණයට පෙර, එක්සත් ජනපදය අනාවැකි පළ කර තිබුණේ මොස්කව්හි බිබිලි ප්‍රහාරයක් දියත් කරනු ඇති බවයි. එය සිදුකරනුයේ ගුවන් යානා මගිනි.

එහෙත් පසුගිය දිනවල එම අපේක්ෂාවන් ව්‍යාකූල වී ඇති අතර රුසියාව සිය ගුවන් බලය සමඟ වඩාත් සියුම් ලෙස ක්‍රියා කරන බව දක්නට ලැබෙයි.

යුක්රේන අගනුවර, නිවැසියන් සහ සෙබළුන් යුක්රේන අගනුවර රුසියානු ඔත්තුකරුවන්  දඩයම් කරන අතර සුපිරි වෙළඳසැල් ඔවුන්ගේ රාක්ක ගබඩා කර තබා ගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.

මේ සියල්ල අතර දැවැන්ත රුසියානු හමුදා රථ පෙළක් නගරය දෙසට ගමන් කරමින්  සිටින අතර, නගරයේ  සටන් වැදීම ආසන්නයේ ඇති බවට භීතිය මතු කරයි.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, යුරෝපා සංගමයේ විධායක අංශය වන යුරෝපීය කොමිසම, යුක්රේනයෙන් පලා යන පුද්ගලයින්ට තාවකාලික පදිංචිය අයිතිවාසිකම් ලබා දෙන ලෙස යෝජනා කර ඇත.

යුරෝපා සංගමය තුළ විශාල වශයෙන් අවතැන් වූවන් පැමිණීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සැලසුම් කර ඇති මෙම නව ව්‍යවස්ථාව මගින් යුක්රේනියානුවන්ට එම කණ්ඩායමේ සාමාජික රටවල් 27 තුළම එකම මට්ටමේ ආරක්ෂාවක් සපයන අතර ඔවුන්ට පදිංචිය සඳහා බලපත්‍ර ලබා ගැනීමට මෙන්ම රැකියා සහ සමාජ සුබසාධනයට ප්‍රවේශ වීමට ඉඩ සලසයි.

යුක්රේන ජනාධිපති උපදේශක Mykhailo Podolyak පවසා ඇත්තේ Kyiv රුසියාව සමඟ තවත් සාකච්ඡා පැවැත්විය යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.

ඕනෑම පසු විපරම් රැස්වීමක් සඳහා “සැලකිය යුතු න්‍යාය පත්‍රයක්” අවශ්‍ය බව Podolyak රොයිටර් පුවත් ඒජන්සියට පැවසීය.

මේ අතර Al Jazeera හි Jonah Hull, බටහිර යුක්රේනයේ Lviv නගරයෙන් අද  වාර්තා කරන්නේ, “යුක්රේනයට එහි කළු මුහුදේ වෙරළට ප්රවේශය අහිමි කිරීම ඉලක්ක කරගත් රුසියානු ප්රහාරවල රටාවක්” ඇති බව පෙනෙන බවයි..

අද සන්ද්‍යාවේ යුක්රේන හමුදාව පැවසුවේ රුසියානු පැරෂුට් භටයින් විසින් පූර්න පරිමානයෙන් ආක්‍රමණය කිරීමේ හත්වන දිනයේ යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkiv වෙත ගොඩ බැසීමෙන් පසු ක්ෂණික ගැටුම් හටගෙන ඇති බවයි.

අද (බදාදා) රුසියානු හමුදා ටෙලිග්‍රාම් පණිවුඩකරණ යෙදුමේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු ගුවන් හමුදා ඛාර්කිව් වෙත ගොඩ බැස ප්‍රාදේශීය රෝහලකට පහර දුන් බවයි.

යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශක Anton Gerashchenko පවසන පරිදි, බදාදා (අද) ගුවන් ප්‍රහාරයකින් පසු නගරයේ ගුවන් පාසලක බැරැක්කයේ ගින්නක් හටගෙන තිබේ. ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ  “කාලතුවක්කු උණ්ඩයක් වැදී නැති ප්‍රදේශයක් Kharkiv හි ප්‍රායෝගිකව ඉතිරිව නැත,” ලෙසයි.

නගරයේ ආණ්ඩුකාර ඔලෙග් සිනෙගුබොව් ද ටෙලිග්‍රාම් හි ප්‍රකාශ කළේ රජයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගිය බවත් 24 දෙනෙකු තුවාල ලැබූ බවත්ය.

මේ අතර රුසියාව පවසන්නේ තමන් ඉලක්ක කරන්නේ යුක්රේනයේ මිලිටරි යටිතල පහසුකම්, ගුවන් ආරක්ෂක සහ ඉහළ නිරවද්‍ය ආයුධ සහිත ගුවන් හමුදා පමණක් බවයි.

Exit mobile version