පෙරේදා (21) ප්රමාණවත් තරම් නැප්නා නොමැති හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ ජනක යන්ත්රයේ කටයුතු නවතා දමා තිබුණි.
අද (23) දින පෙරවරු 08.00 නැවත එම ජනක යන්ත්රයේ කටයුතු ආරම්භ කලා බවත් ඒ සදහා බලාගාරය සතුව ඇති නැප්නා තවත් දින එක හමාරකට පමණක් ප්රමාණවත් වන බවයි වාර්තා වන්නේ.
මෙම තත්වයට හේතුවී ඇත්තේ විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට මුදල් නොගෙවීම හේතුව මත නැප්නා ලබාදීම ප්රතික්ෂේප කිරීම බව වාර්තා වේ.