අරාජික රටට හරියට පොලිස්පතිවරයෙක් නැති බැවින් රටේ පාලනය සිදුවන්නේද, අනාරක්ෂිත ලෙසය. නිසි , නීතියට අනුව රාජකාරි කරන පොලිස්පතිවරයෙක් රටට සිටියේ නම්, රටේ මහජනතාව භීතියෙන් සිටින්නේ නැත.
එවන් පසුබිමක, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨත්වයෙන් දෙවැනියා ලෙස සිටින, පැවැති චෝදනාවලින් නිදොස් කොට නිදහස්ව සිටින , මධ්‍යම පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස්පතිවරයා ලෙස පත්කරන ලෙස මල්වතු මහානායක හිමි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රටකට ස්ථීර පොලිස්පතිවරයෙක් අවශ්‍ය වේ. රට වැසියන්ගේ අවශ්‍යතාව භියෙන්, සැකයෙන් තොරව ජීවත් වීමයි. ඒ වෙනුවෙන් , හරි දේ වෙනුවෙන් පමණක් මහානායක හිමිවරුන්ගේ පෙනී සිටීම අවශ්‍යම වී තිබේ.
අති පූජ්‍ය මහානායක හිමිවරුන්ගෙන් රටේ ජනතාව බලාපොරොත්තුවන්නේ මෙවැනි සාධනීය මැදිහත් වීම් ය. පවතින තත්වය මත, තිබෙන ගැටළුකාරී තත්වය සමනය කර , නිසි තීරණය ගැනීම සඳහා අනෙකුත් සංඝයා වහන්සේලාගේද මැදිහත්වීම අවශ්‍ය බව පෙනේ.
කෙසේ වුවත් මහා සංඝරත්නය සිටින්නේ අපට දම් දෙසීමටය. අවවාද අනුශාසනා දෙමින් අප යහමග රැගෙන යාමටය. පාලක පංතිය නිවැරදි දිසාවට ගමන්කරවීම සඳහාද උන් වහන්සේලා අවවාධ අනුශාසනා දිය යුතමය.