නිත්‍යානුකූලව වනාන්තර එලි කිරීමට හැකි ලෙස කැබිනට් මංඩලයෙන් නොමග ගිය තීරණයක්.

ශ්‍රී ලංකාවට හොරැ බිහි කිරීමට බලපෑවේ මහින්ද රාජපක්ෂ රජය විසින් 2006 දී හදුන්වා දෙනු ලැබූ ටෙණ්ඩර් ක්‍රියාවලියයි. එම උපදේශ සංග්‍රහයට අනුව මිලදී ගැනීම් හා සම්බන්ධ සියලුම දෙනාට අයථා ලෙස මුදල් ඉපයිය හැකිය. ඒ ආකාරයෙන්ම රටේ වනජීවී සම්පතද අයතා ලෙස විනාශකල හැකි ලෙස පනතක් සම්මත කරගැනීමට කැබිනට් මංඩලය කටයුතු කරමින් තිබෙන බව ඊයේ (31) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අණාවරනය විය.

වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන වනාන්තරවල ගැටළු නිරාකරණය සඳහා ලබා ගෙන ඇති කැබිනට් මණ්ඩල අනුමැතියේ නොපෙනෙන පැතිකඩ පිළිබඳ ව අනාවරණය කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාව පැවතියේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රාවණාගාරයේ දී ය. එහි දී කැබිනට් අනුමැතියට යටත් වන දිස්ත්‍රික්ක 11 හි රක්ෂිත වනාන්තරවල පැවැත්මට එල්ල විය හැකි අහිතකර බලපෑම් හා මෙම වැරදි තීන්දුව හේතුවෙන් ඇති විය හැකි කෘෂිකාර්මික අර්බුද, ජල අර්බුද, අලි – මිනිස් ගැටුම වර්ධනය වීම වැනි කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබිණ.

මෙවැනි භයානක තත්වයන් උදාකර දෙන අණ පනත් සම්මත නොකල යුතු අතර මෙවැනි දේවල් සම්මත කිරීමට පෙර අනාගත තත්වයන් දැක තිබිය යුතුය.

මේ සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ චින්තක රාජපක්ෂ සහ සජීව චාමිකර, පරිසර යුක්ති කේන්ද්‍රයේ ජනක විතානගේ, ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සුපුන් ලහිරු ප්‍රකාශ්, ඉකෝ බි්‍රගේඩ් සංවිධානයේ හසන්ත විජේතුංග, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ ලක්ෂිත එදිරිසිංහ, ජෛව විවිධත්ව සංරක්ෂණ සංගමයේ ක්‍රිශාන් වේවැල්වල හා සමාජ ක්‍රියාකාරී පාලිත වික්‍රමරත්න යන අය සහභාගී විය.

Exit mobile version