පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඊයේ (18) දින පාර්ලිමේන්තුවේදී පවසා ඉල්ලා ඇත්තේ ජාතික නිදහස වෙනුවෙන් වැය කරන මුදල අර්ථඅවත්ව යොදවන ලෙසයි.
රටේ පවතින අර්ථික අපහසුතාවන් මැද මෙම අවස්ථාවේ ජාතික නිදහස් දිනය සැමරීමට විශාල මුදලක් වැය කිරීම විහිළුවට ලක්වන හේතුවක් බවඑම හිමියන් පෙන්වා දේ.
අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පෙන්වාදෙන්නේ මේ වන විට රටේ නිදහස සැමරීමට තරම් නිදහසක් නැති බවයි.
රටේ ජනතාවට වැදගත් හා අර්ථවත් පණිවුඩයක් ලබා දෙන වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කොට මුදල් වියදම් කරන වැඩපිළිවෙළකට නොයන ලෙස අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කොට ඇත.