නිදහස් දිනය දා මහමග දමා ගිය බිළිදා.

ඊයේ (4) දින ත්‍රිකුණාමල සර්ධාපුර මාර්ගයේ දින 2ක් වයසැති බිළිදෙකු දමා ගොස් ඇති පුවතක් වාර්තා වේ.මෙසේ මහමග දමා ගොස් ඇත්තේ අධික වර්ෂාව පවතින මොහොතක බව ගම්වැසියන් පවසා ඇත.

මෙම බිළිදියගේ හීන් හඩ ඇසී ගම්වැසියන් පරීක්ෂා කර ඇති අතර බිළිදිය පොලීසියට භාර දී ඇති බව වාර්තා කරයි.

බිළිදිය මේ වන විට රෝහල් ගත කර ඇති බව කියයි.

Exit mobile version