අද දින සැමරෙන 75 වන නිදහස් දිනය වර්තමානයේ ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් බවත් මෙම අභියෝග ජය ගැනීමට නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
මෙම නිදහස් දින සැමරුමෙන් ආරම්භ වන නව ප්රතිසංස්කරණවාදී ගමන් මාර්ගය 2048 වර්ෂයේ සැමරීමට නියමිත 100 වන නිදහස් දින සැමරුම දක්වා නොවෙනස්වන රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීමත් 100 වන නිදහස් දින සැමරුමේදී ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සියලුම අවශ්‍යතා සපිරුණු ඉහළ ඈර්ථික සමුර්ධියක් අත්කර ගත් ගෝලීය ප්රාග්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇති බවට විශ්වාස කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ නිදහස් දින නිකුත් කළ පණිවුඩයෙන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය .