76 වැනි වැනි ජාතික නිදහස් දින උත්සවය හේතුවෙන් ලබන ඉරිදා (4) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා මහලේකම්, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන)එන්. ජේ. ඉඳිපොලගේ පවසයි.
නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගි වන ප්‍රභූන්, ත්‍රිවිධ හමුදා සහ පොලිසිය යන පිරිස්වල ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.