අද (23) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයෙන් ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ උන්වහන්සේ කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පොලිසිය විසින් ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන් එසේ කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙසේ රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
එම නියෝගයට අනුව ගල්වැව සිරිධම්ම හිමි දෙසැම්බර් මස 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.