විහාර සහ දේවාල වලට අයත් ඉඩම්වල පදිංචි නින්ද ගම් වැසියන් තමන්ට සිදුවන අසදාරනකම් පැමිණිලි කිරීමට අදාල පොලිස් ස්ථාන වලට ගිය විට එම පැමිණිලි “ නිළමේට කියල විසදගන්න” යනුවෙන් පවසන බව වාර්තා වේ.
මෙසේ වංචා, දූෂණ, අක්‍රමිකතා තර්ජනය කිරීම් ආදී පැමිණිලි ලිවීමට පොලිසිට ගිය විට අදාල පොලිස් ස්ථාන ඒවා ලියන්නේ නැති බවට තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් එම වැසියන් ගැටළු ගණනාවකට මුහුණ දී සිටිති.
බස්නායක නිලමේවරුන්, මොහොට්ටාලලා , ලේඛම් වරුන් ආදී ඇතුළු සමහර දේවාල වල පරිපාලන සහායකයන්ගෙන් දැඩි පීඩා හමුවේ ජීවත් වීමට ගැමියන්ට සිදුව තිබේ. එම තත්වයම සමහර පන්සල් වලද දක්නට ලැබේ.
නිලමේලාගේ දුර්වලකම් නිසා සහ වංචා දූෂණ නිසා ගම් වැසියන් දෙකඩ වී සිටිති. නිළමේට සහ පාලකයන්ට වන්දනා කරගෙන සිටින උදවියට නිලමේලා හොදින් සලකති. සමහර පොලිස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියාවලියේ හැටියට නම් නින්දගමේ නිලමේලා එහි ඒකාධිපති රජ්ජුරුවන් සේවය. එහි සේවකයන් අමාත්‍ය මණ්ඩලය සේ වන අතර පුරෝහිත වන්නේ මොහොට්ටාලය. ඔවුන්ට අනුව , නින්දගම් වැසියන් ඔවුන්ගේ යටත් වැසියන්ය.
අසාධාරණයට පත්වන පුද්ගලයන් පොලිසියට ගිය විට තම අසාදාරනය පොලිස් පොතේ ලියාගැනීම වෙනුවට ඔවුන් නැවතත් නිලමේ වෙත යැවීමට සමහර පොලිසිවල නිළමෙලා ද කටයුතු කරති.
නමුත් දේවාල සහ විහාර වල ඉඩම් ප්‍රශ්නයක් වුවද ප්‍රථමව පොලීසිය තුල ලියා විසදීමට නොහැකි නම් ඒවා නිළමේ වෙත යොමු කල යුතුය. එහෙත් පැමිණිල්ලක් ලියා නොගෙන සිටීමට පොලිසියට බලයක් හෝ අයිතියක් නැත.
එසේම විවිද වංචා, දූෂණ, අක්‍රමිකතා , සාපරාදී බලහත්කාරය, විශ්වාසය කඩ කිරීම්, එකම ඉඩම දෙතුන් දෙනාට විකිණීම්, නිලමේලාට විරුද්දව පොලිසි වෙත යැවෙන පැමිණිලි ආදී විවිධ වැරදි වලට අයත් පැමිණිලි විභාග කර පොදු නීතියේ සහනය ශ්‍රී ලාංකික පුරවැසියාට ලබා දීමට පොලිසිය කටයුතු කල යුතුය. එසේ නොකරන්නේ නම් පොලිසියද අදාළ නිලමේලාගෙන් යම් යම් වරප්‍රසාද ලබන්නෝ විය යුතුය. එසේම එම ප්‍රදේශ වලට පොලිසිද අවශ්‍ය නොවේ. සියලු ශ්‍රී ලාංකිකයන් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු පොදු නීතියේ රැකවරණය ලැබිය යුතු බව අමතක නොකළ යුතු අතර එසේ නොවන බවට සමහර පොලිස් ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.
ලංකාව පුරා විහාර සහ දේවාලවලට අයත් වැසියන්ගෙන් විශාල ප්‍රමාණයක් පීඩා විදින්නේ පොලිසිය හරහා ක්‍රියාත්මක විය යුතු පොදු නීතිය ක්‍රියාත්මක නොවන නිසාය.