නිපුනගේ නිවසින් එලියට ආ ඇත් පැටවා උඩවලව කැලයෙන් පැන්නු එකෙක්ද? (වීඩියෝ)

ඊයේ දෙනියායේ ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතාගේ නිවස වටලනු ලැබුවේ පවතින ගැටළු වලට පිළිතුරු ලබා දෙන ලෙස බලකරමිනි.

මේ උද්ඝෝෂණය සජිවව වීඩියෝ කරන ලද දෙනියාය සජීවී සේවය තුලින් අපට දැක ගන්නට ලැබුනේ ඇත් පැටවෙකු ඔහුගේ නිවස ඉදිරිපිට සිටින බවයි. අලි වෙනුවෙන් පවරා තිබු නඩු තීන්දුව අනුව පසු ගියදා එම අලි ඇතුන් නැවතත් හිමි කරුවන්ට ලබා දීමට තීරණය කර තිබිණි. නමුත් නිපුන රණවක මහතාට හෝ ඔහුගේ පියාට අලි ඇතුන් සිටි බවක් වාර්තා නොවේ. එසේ නම් මේ ඇත් පැටවා කාගේද?. නඩුවට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාටද අලියෙකුගේ හිමිකාරිත්වය ලැබී ඇති අතර එම අලියා නිපුන රණවක මහතාගේ පියා විසින් ලබා ගත් බවද වාර්තා වේ. නමුත් මේ වීඩියෝ එකේ දක්නට ලැබෙන්නේ අවුරුදු 5 ක් පමණ විය හැකි බවට අනුමාන කල හැකි ඇත් පැටවෙකි .

මීට අවුරුදු කිහිපයකට පමණ පෙර උඩවලව වනෝද්යානයේ අලි ඇතුන් හොරකමක් වූ අතර එම සිද්ධිය වීඩියෝ කල මාධ්‍යවේදියාගේ කැමරාව පවා කුඩු කිරීමට ඔවුන් සමත් විය. එසේ අල්ලා ගත් එක් ඇත් පැටවෙකු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බාරයේ සිටියදී දියේ ගිල්වා මරා දැමු බවටද චෝදනා එල්ල විය.

එසේම මීට මස කිහිපයකට පමණ පෙර ද උඩවලවෙන් අලි ඇල්ලීමට පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් පැන ගොස් තිබුණි. ඔවුන්ට පැන යාමට හැකි වන ලෙස උඩවලව පොලිසිය සහ ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලදාරීන් කටයුතු කල බවටද තොරතුරු අප සතුව තිබේ. එදින එසේ ඇත් පැටවුන් අල්ලා ගැනීමට පැමිණියේ ප්‍රභල දේශපාලඥ්යෙකුගේ ඥාති පුතෙකු බවද, ඔහුද එම ප්‍රදේශයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවද කියැවිණි.

එම තොරතුරට අනුව එම ප්‍රදේශයේ නැතත් ඊට ආසන්නතම එම තොරතුරු හා සමාන පුද්ගලයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතාය. එසේ නම් මේ උද්ඝෝෂණ අස්සේ මතු වූ ඇත් පැටවා එසේ අල්ලාගෙන ගිය ඇත් පැටවෙක්ද?. බොහෝ කාලයක් තිස්සේ උඩවලව ප්‍රදේශයේ සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනතාව කතා වෙන මේ චෝදනා වලට නිපුන රණවක මහතා පිළිතුර ලබා දෙන්නේ නම් වැඩි විස්තර සහිතව එයද පල කිරීමට අපේ ඉඩ කඩ සලසා තිබේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට හුදෙකලාව දුක් විදින අලි ඇතුන් ගනනාවක් සිටිති. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් බව කියවෙන “කණ්ඩුල” නැමති ඇත් පැටවාද කෑගල්ල ප්‍රදේශයේ සෆාරි සදහා යොදවා තිබෙන බවද, ඔහුගේ එක් පාදයක් කැඩී තිබෙන බවද අප අනාවරණය කර තිබේ. ( වීඩියෝ දෙකම බලන්න)

නිපුන රණවක මහතාගේ නිවස වට කරන විට එලියට එන ඇත් පැටවා මෙතනින් බලන්න.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් කකුල කැඩී ඇති කණ්ඩුල ඇතා ( මොහු කෑගල්ලේ සෆාරි සදහා යොදවා තිබේ.)

මීට පෙර අප කණ්ඩුල ගැන ලියු ලිපිය

https://www.ravanalankanews.lk/4134/10/%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd-%e0%b6%87%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%9a%e0%b7%94%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%a9%e0%b7%96%e0%b7%80%e0%b7%9a/57/07/
Exit mobile version