නියෝජ්‍ය කථානායක ධූරයට යළි ඡන්දයක්!

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් රෝහිණී කවිරත්නගේ නම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇත.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී නියෝජ්‍ය කථානායක ධූරය වෙනුවෙන් ඡන්ද විමසීමට විරෝධය දක්වමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ජනතාවගේ මුදල් නාස්ති නොකර අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂනායකවරයා කථාකර එකඟත්වයකට පැමිණෙන ලෙසයි.

ඡන්දයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ 90ක පමණ මුදලක් වැයවෙන බවද ඔහු සඳහන් කළා.

ඒ හෙතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු ස්වාධීන වූ පක්ෂ එකමුතුව මෙම ඡන්ද විමසීමට විරෝධය පළ කරමින් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින බවද ඔහු වැඩිදුරටත්ස ඳහන් කර ඇත.

Exit mobile version