නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව වාර්තා වේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (24) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවට පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන හා සංදේශ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.කඩුපිටිය මහතා බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

යාපනය දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එම්.සෙනරත් මහතා ප්‍රවාහන හා සංදේශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ.ජයසිංහ මහතා යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.

Exit mobile version