නිරෝධායන ඇදිරිනීතිය දීර්ග වෙයි.
පවතින කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය අයහපත්වීම හේතුවෙන් , මේ මස 30 වැනිදා දක්වා පනවා තිබෙන නිරෝධායන ඇදිරිනීතිය 2021 සැප්තෙම්බර් මස 06 වනදා අලුයාම 04.00 දක්වා දීර්ග කර තිබේ.
අද පැවති කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගත් බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා twitter පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.