නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනපති තීරණය කරයි

මේ වන විට දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 01 වනදා අලුයම 04.00ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනපතිගේ උපදෙස් ලැබී ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත්තේ.

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳව පසුව දැනුම් දෙන බවයි යුද හමුදාපතිවරයා විසින් සඳහන් කර ඇත්තේ.

Exit mobile version