රාජ්‍ය අමාත්‍ය ,විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර සිටියේ ලබන සඳුදායින් පසු රට ක්‍රමානුකූලව විවෘත කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවය.
මෙරට තුළ ආසාදිතයින් වාර්තාවීම හා කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ වාර්තාවීම මෙලෙස සති 04ක කාලයක් පනවා තුබූ නිරෝධායන ඇඳිරි නීතිය නිසා ක්‍රමානුකූලව පහළ යමින් පවතින බවයි ඇය පෙන්වා දුන්නේ.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් මර්දන එන්නත්කරණය සහ අනෙකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකූලව විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇති බවයි.