නිරෝධායන ඇඳිරි නීතිය පිළිබඳ අලුත්ම නිවේදනය.

හෙට (16) රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අතර මෙය හෙට සිට සෑම දිනකදීම බල පැවැත්වීමට, රජය තීරණය කර ඇත.

මේ බව සඳහන් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බවයි.

Exit mobile version