නිරෝධායන රීති නොසැලකූ පිරිසක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ දී නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 509 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එසේම එම කාලය තුළ දී පොලිස් භාරයට ගත් රථ වාහන සංඛ්‍යාව 25ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා ඇත.

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 76,145 ක් වේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිරෝධායන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් පිළිබඳව ඉදිරියටත් අවධානයෙන් පසුවන බවත් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක බවයි.

Exit mobile version