නිලදාරීන් නොදුටු ගොවිතැන සොයා තණමල්විලට ගිය ගමන.

තණමල්විල මල් සොයා තණමල්විලට යන බොහෝ දෙනෙකු අතරේ අපිත් තණමල්විලට ගියා. තණමල්විල මල්වලට පමණක් නෙවෙයි ප්‍රසිද්ධ. ගොවිතැනටත් ප්‍රසිද්ධයි. මල් පැත්තක තියා අප ගියේ අලි සහිත හේනක පැල් රකින්නයි.

කලින් දින යොදාගත් පරිදි අපි තණමල්විලට යාමට විශේෂ හේතුවක් තිබුණා . බොහෝ දෙනකු කතා කරන කාබනික ගොවිතැන, රසායනික පොහොර සහ අනෙකුත් විෂ රසායනික ද්‍රවය යෙදීම ආදිය ගැන කතා කලත්  මේ කතාව  ගොවිතැන හා සම්බන්ධ නිලදාරීන් මෙන්ම බොහෝ දෙනෙකු කතා නොකරන සහ දැනුවත් නොවූ කාරණාවක් ඔබ වෙත ඉදිරිපත් කිරීම සදහා ගිය ගමනක්.

හවස 5 ට පැමිණීම සදහා ගිවිස ගත්තත් අපට යන්න පුළුවන් උනේ රාත්‍රී 7.30 ත් පහු වෙලා. වාහන ගන්න, ගෙවල් හදන්න, විවිධ දේවල් වෙනුවෙන් සතුටු වෙන්න දහස් ගන්නන් සල්ලි හොයන , සල්ලිම ජීවිතය කර ගත මිනිස්සු අතරේ මේ කිසිවක් නැතිව සතුටින් ඉන්න, ලොකු ලොකු බලාපොරොත්තු නැති මිනිස්සු ඉන්නේ ගම් වල වගේම ගොවිතැන ජීවිතය කරගත් මිනිස්සු අතරේ කියල මේ ලියුම්කරු ඉගෙන ගත්තේ කුඩා කාලෙදිමයි. අපි අදත් ගියේ ඒ වගේම මිනිස්සු ඉන්න ගෙදරකට.

තණමල්විල උඩවලව පාරේ 21 වැනි සැතපුම් කනුව අපගේ ගමනාන්තය උණා. කිලෝමීටර් වලින් ගත්තොත් 33 වෙනි කනුව. මේ ප්‍රදේශවලට විශේෂ නම් නැහැ. නමුත් වීරපුරගම කියලත් කියනවා. රාත්‍රී 7.30 පමණ වන විට එම ප්‍රදේශයේ, පාරේ සිට මීටර් 100 ක් පමණ ඇතුලට ගිය විට හමු උණු කුඩා නිවස , වහලයට පොල් අතු, කටු මැටි බිත්තිය, වැලි මැටි ගෑ ගෙබිම ඉතාම දැකුම් කළු ලෙස නිර්මාණය කර තිබුණි. එම නිවසෙන් රාත්‍රී ආහාරය ලබා ගෙන නල ලිෙඳ් වතුරෙන් මූණ අත පය සෝදා ගෙන යතුරුපැදියෙන් තවත් ඇතුලට ගියේ ඔවුන්ගේ “හේන” නොහොත් වගා බිම වෙතයි. අපේ පැමිණීම ප්‍රමාද වූ නිසා ඔවුන් වේලාසන ගොස් විදුලි වැටට විදුලිය සපයා ඇවිත් තිබුණි.

අපි යන මග දෙපස සියලු ගෙවල් වල විදුලි වැටක් තිබේ. ඒ අලින්ගේ ග්‍රහණයෙන් මිදීම සදහාය. ගොවි බිම වෙත යන අතරමග අපට එක් අලියෙකු මුණ ගැසුණි. විදුලි පන්දම් එලියට බිය වූ අලියා හොඬය උස්සගෙන දුවනු අපි දුටුවෙමු. මේ ප්‍රදේශයේ සිටින බොහෝ අලි මිනිසුන්ට ඉතා සමීපව සිටිති. මේ කිසිම අලියෙකු මිනිසෙකු මරා නැති වීමද විශේෂත්වයකි. උඩවලව ඇත් අතුරු සෙවනේ හැදී වැඩෙන අලින් මෙම ප්‍රදේශයේ සිටීම නිසා මිනිසුන්ට කිසිදු කරදරයක් නැති වීමද මෙහි ජනතාවට විශාල සහනයකි. නමුත් වගා බිම් විනාශ කරති.

කෙසේ වුවද අලියා දැකීමෙන් අපද , පූස් පැටියෙකු සේ වුයේ බිය නිසාමය. කෙසේ හෝ ගොවිබිමට ඇතුළු වීමෙන් පසුව දැනුනේ මහත් සැනසීමකි. මහා ගණ අදුරේ අලියෙකු එක් වරම පාරට පැන්නොත් කුමක් කරන්නද?. බියෙන් ත්‍රාසයෙන් ලොමු ගැන්වූ මනස සැහැල්ලු වුයේ විදුලි වැටෙන් ඇතුළු වූ පසුය.

ගොවි බිමට ඇතුළු වූ අප ඉදිරියට ගොස් නැවතුනේ කුඩා කෝන් ගසක් ලගය. අදුරේ වුවද ඒ මත තිබු අට්ටාලය අප දුටුවෙමු. සපත්තු ගලවා දමා අප අට්ටාලය වෙත් ගොඩ විය. විදුලි වැටට විදුලිය සපයන කුඩා බැටරිය හා සම්බන්ධ කර තිබු කුඩා බල්බයෙන් සාමාන්‍ය එළියක් නිකුත් වී අට්ටාලය පැහැදිලිව පෙනුනි. මේ දකින මේ ලියුම්කරුට මතක් වුයේ අප කුඩා කලද පියා සමග පැල්  රැකි අයුරුය. දැනෙන දැඩි සීතල මැකුනේ අට්ටාලය උඩ සැකසු ගිනි මැලය නිසාය.

විදුලි වැට තිබුනත් ඇයි පැල් රකින්නේ. මගෙන් ප්‍රශ්නයකි. “ අලි ඇවිත් ලි කොට දාලා වැට කඩනවා. සමහර අලි බඩගාගෙන එනවා. ඒක නිසා අපි පැල්  රකිනවා. ටෝච් එලියට ගොඩක් අලි බයයි.” රාත්‍රී 11 පමණ වන විට අදුරට හුරු වූ ඇසින් එක් අලියෙකු වැට අයිනට ඇවිත් තිබෙනු දුටුවෙමු. අපගේ විදුලි එලිය එතරම් දුරට පැහැදිලි තාවයක් ගෙන දුන් නිසා කැමරා කාචයට හසු කර ගැනීමට අපහසු විය. විදුලි පන්දම් එලිය එන විටම අලියා හොඩවැල උස්සාගෙන අසල ඇති විශාල පදුරකට මුවා වෙති. අලියා හිතාගෙන හිටියට අපට නොපෙනෙන බව, අලියාගේ පස්ස පැත්ත එලියේය. ඒ අලියාය. එකත් හරියට වෙස් මූණු බැන්දට නටන්නේ එළිපිට වගේ කතාවකි.

රාත්‍රිය ඇප නින්දත් නොනින්දත් අතරේ ගත කලේ අට්ටාලය මතය. රාත්‍රියට විවිද ප්‍රදේශවලින් අහසට සහ කැලය වෙත් එල්ලවෙන විදුලි පන්දම් එලිය. ඒ එලියට තවත් එළියක් එල්ල කරමින් සියලු අට්ටාල වලින් විදුලි පන්දම් එලි විහිදෙන්නේ “අපිත් ඇහැරලා…” යන පනිවිඩය දෙමිනි. රාත්‍රී 12.00 පමණ කහට කෝප්පයක් බී අපි ඉඩ තිබෙන අයුරින් හාන්සි උනත් ගොවි මහතා සහ මහත්මිය නම් නින්දක් නැති බව ඇප දුටිමි.

උදැසන 05.30 ට පමණ නැවතත් හකුරු සමග කහට කෝප්පයක් බී උදෑසන සිරි නැරඹුවෙමු. යන්තම් එලිය වැටෙනවත් සමගම අප වගා බිම තුල ඇවිද ගියේ විනාශය එහි සාරවත් බව දැකීමටයි. එහි කිසිදු සාරවත් බවක් අප නොදුටිමු. ඒ කතාව මේ රූප රාමු වලින් ඔබට දැක ගත හැකිය. අප මේ සියලු තොරතුරු රැගෙන ඔවුන්ට සමු දී නැවතත් දිනයක පැමිණීමේ බලාපොරොත්තුවෙන් ආපසු ඒමට පිටත් විය.

කාබනික පොහොරත් එපා. රසායනික පොහොරත් එපා. මේ විදියට හේන් ගොවිතැන් කරන්න දෙන්න. වීඩියෝ බලන්න .

  

Exit mobile version