නිල වරණයට රුපියල් ලක්ෂ 3 බැගින් ප්‍රාදේශීය ලේඛම්වරුන්ට.

මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශ වල පිහිටා තිබෙන ප්‍රධාන පුරාණ දේවාලවල බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණ පැවැත්වෙමින් තිබේ. මෙම නිලවරණ වලදී ඡන්දය ප්‍රකාශ කරන්නේ බොහෝවිට රාජ්‍ය නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම්වරු හා ප්‍රදේශයේ බස්නායක නිලමේවරුන් විසිනි. පත්වන බොහෝ නිලමේවරුන් ජයග්‍රහණය කරනුයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු බාර කරුවනට ඡන්දය ලබා ගැනීමට අල්ලස් ලෙස මුදල් ලබා දීමෙනි. ඡන්දයේදී වැඩිම මුදල් ලබාදෙන අපේක්ෂකයා හට  ඡන්දය ලබා දීම සිදුවේ. එය නීති විරෝදී ක්‍රියාවලියකි.

හෙට (1) මහනුවර අලවතුවල සමන් දේවාලයේ බස්නායක නිලමේ තේරීමේ නිලවරණය පැවැත්වීමට නියමිත බව වාර්තා වනා අතර ඒ සදහා ඉදිරිපත්වන එක් අපේක්ෂකයකු ලක්ෂ 3 බැගින් ප්‍රාදේශීය ලේකම්වරුන් හට අල්ලස් ලබාදීමට මේ වන විටත් සාකච්චා කර අවසන් බව  විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

එසේ අල්ලස් මුදල් ලබාදීමට කටයුතු සාකච්ඡා කර තිබෙන්නේ මහනුවර රදල නම් සංගමයක සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකාව සුද්දන්ට පාවා දීමේ මුල් ස්ථානය ගන්නේ මහනුවර බහුතර රදල පරපුරවල් වල පැරැන්නන් විසිනි. එම නම් වලින් ඉහලින්ම සිටින පරපුරවල් අදටද බුදු දහම මෙන්ම දේවාලද විනාශ කිරීමේ කටයුතුවල නිරතව සිටී.

එම අල්ලස් ලබා දුන් අපේක්ෂකයන් හා අල්ලස් ලබා ගත් අය කවුරුන්ද යන වග හෙට නිලවරණයෙන් පසුව නම් වශයෙන් අප ඉදිරිපත් කරන්නෙමු. අද නම් ප්‍රසිද්ධ කිරීම හෙට නිලවරණයට කරන බාධාවක් බැවින් ඒ පිලිබදව අප හෙට හෝ නිලවරණයෙන් පසුව වාර්තා කරනු ඇත.

Exit mobile version