රටේ මේ වන විට උද්ගතව ඇති ගෑස් සිලින්ඩර පිළිබඳ ගැටලුව පිළිබඳ මාධ්‍යවේ දී චමුදිත සමරවික්‍රම මහතා විසින් ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබඳ ගවේශන ඉංජිනේරු නිමල් සිල්වා මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
එහි දී නිමල් සිල්වා මහතා සඳහන් කරන්නේ මේ වන විට ගෑස් සිලින්ඩරවල පවතින ගැටලුව නිෂ්චිත වශයෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් පාරිභෝගිකයන් තවමත් අනතුරුදායක තත්ත්වයක සිටින බවයි.
මීට ඇති හෝඳම විසඳුම ලෙස ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබඳ ගවේශන ඉංජිනේරු නිමල් සිල්වා මහතා පෙන්වා දුන්නේ තම ආරක්ෂාව තමන් විසින් සපයා ගැනීම සඳහා යම් පාඩුවක් සිදු වුවත් ඒ පිළිබඳ නොසලකා වහාම තම පැරණි ගෑස් සිලින්ඩරය ගෙන ගොස් වෙළඳසැලට ලබා දී නැවත අලුත් ගෑස් සිලින්ඩරයක් ලබා ගන්නා ලෙසයි.
පසුගිය දිනක එක් නිලධාරියෙක් සඳහන් කරන්නේ ඔවුන් විසින් යම් අත්හදා බැලීමක් මෙලෙස සිදු කර ඇති බවයි.
මිනිසුන්ගේ ජීවිත අනතුරේ දමමින් මෙවැනි අත්හදා බැලීම්වලට ඉඩ ලබාදී බලා සිටින මෙවැනි වගකීම් විරහිත රජයක් පාලන තන්ත්රයක් තිබෙන්නේ ලොව තවත් කුමන රටක ද යන්න සොයා බැලිය යුතුම කරුණකි.
එමෙන් ම මෙහි දී නිමල් සිල්වා මහතා ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය පිළිබඳව සාමාන්‍ය මහජනතාව වන අපට සොයා බැලිය හැකි ක්‍රම කිහිපයක් ද පෙන්වා දෙනු ලබයි.
ඒ ගෑස් සිලින්ඩරයට සවි කර ඇති වෑල් එකේ එක් ස්ථානයක දිනයක් සටහන් කර ඇති බවත් එම දිනය මෙම ගෑස් සිලින්ඩරයේ වෑල් එක අලුවැඩියා කළ දිනය වන බවත් එම දින සිට වසර 05ක කාලයක් යන තුරු එම ගෑස් සිලින්ඩරය ආරක්ෂිත බවත් ඔහු පෙන්වා දෙයි.
උදාහරණ වශයෙන් එම දිනය සටහන් වන්නේ “ 05.17” ලෙස නම් එම සිලින්ඩරයේ වෑල් එක අවසන් වරට අලුත්වැඩියා කර ඇත්තේ 2017 වසරේ වන බව එයින් පෙන්වා දී ඇත.ඒ අනුව 2017 වසරේ සිට ඉදිරියට වසර 05ක කාලයක් ගතවන තුරු එම ගෑස් සිලින්ඩරය ආරක්ෂිතය.
ඔබගේ ගෑස් සිලින්ඩරය ද අදම පරීක්ෂා කර බැලීමට වගබලා ගත යුතු සේම නැවතත් ගෑස් සිලින්ඩරයක් මිල දී ගන්නා විට මේ පිළිබඳව සැලකිලිමත් වීමට ද මතකේ තබාගත යුතුය.
එමෙන්ම බොහෝ අවස්ථාවලදී ගෑස් උඳුන සහ රෙගියුලේටරය පිළිබඳ ගැටලු මතුවීමට පවතින හේතු පිළිබඳව මෙහි දී නිමල් සිල්වා මහතාගෙන් විමසා ඇති අතර එහි දී ඔහු සඳහන් කළේ , ගෑස් සිලින්ඩරය සඳහා වන රෙගියුලේටරය සකසනු ලබන්නේ ගෑස් සංයුතියට වන අතර ,ගෑස් සංයුතියේ සිදුවන වෙනස් වීමක දී එම රෙගියුලේටරය ඊට නොගැලපිය හැකි බවයි.
එවැනි අවස්ථාවකදී රෙගියුලේටරය විනාශ වී යාමේ හැකියාව බහුලව ඇති බව ඔහු එහි දී අවධාරණය කර ඇත.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්,