නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසූ බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය යෝජනා යටතේ මෙම නිවාස හිමිකම් ඔප්පු දෙන බවද අමාත්‍යවරයා කීය.
අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් යෝජනා කර ඇත්තේ හිමිකම් ඔප්පු ලබාදීමේදී නිවාස හිමියන්ට ඒ සඳහා දැරිය යුතු වන නොතාරිස් ගාස්තු, මුදල් ගාස්තු හා වෙනත් බදු සඳහා වැයවන මුදල මහා භාණ්ඩාගාරය මඟින් දැරීමට නියමිත බවයි.
මෙම නිවාසවල පූර්ණ අයිතිය පැවරීමේදී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට එම නිවසේ පදිංචිව සිටින ඔහුගේ උරුමක්කරුවන් වෙත පමණක් පූර්ණ නිවාස හිමිකම ලබාදිය යුතු බවද කැබිනට් පත්‍රිකාවේ සඳහන් .
මෙම කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ලබාගැනීම සඳහා ඉදිරිපත්කර ඇති අතර හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට අදාල නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.