පවුල් වෛද්‍ය විද්‍යා ,විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නේ ,කොවිඩ් – 19 ආසාදනය වී නිවෙස්තුළ ප්‍රතිකාර ලබාදීමේ නව ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවයි.
කොවිඩ් – 19 ආසාදිතයින්ට සුවය ලබා ගැනීමට නම් මානසික සෞඛ්‍ය යහපත්ව පැවතීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ඇය සඳහන් කර සිටියේ.
මෙම නව ක්‍රමවේදය පසුගිය ජුනි මස 7 වැනිදා සිට ආරම්භ වූ අතර මේ වන විට එසේ නිවෙස් තුළ ප්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 24, 847 ක් බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්තී ගල්හේන මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.